අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන් පියරිනා ගිල්ලි වෙත කරන ඉල්ලීම්
✅ දිනපතා ශුද්ධ ජපමාලය උච්චාරණය කරන්න
+ පාප් වහන්සේ වෙනුවෙන්, කතෝලික සභාවේ එකමුතුකම වෙනුවෙන්,
පව්කරුවන්ගේ සිත් හැරීම උදෙසා, විශේෂයෙන් රුසියාව සහ ලෝකය වෙනුවෙන් යාච්ඤා කරන්න
✅ ගුණධර්ම තුනක් පිළිපදින්න
+ යාච්ඤාව (සුදු රෝස මල)
+ පරිත්‍යාගය (රතු රෝස මල)
+ පශ්චාත්තාපය (කහ රෝස මල)
✅ වරප්‍රසාදයේ හෝරාවේ භක්තිය අභ්‍යාසය 🕛 දෙසැම්බර් 8 වන දින, ප.ව. 12 සිට 1 දක්වා
“මේ පැයේදී බාධාවකින් තොරව යාච්ඤා කරන අයට මම මහත් සහ බොහෝ වරප්‍රසාද
පොරොන්දු වෙමි.”
✅ වන්දි ගෙවන්න
+ පූජකයන්, ධාර්මික සහ අභිෂේකලත් ආත්මයන් වෙනුවෙන් යාච්ඤා කරන්න
+ ඔවුන්ගේ පාප සහ ඇදහිල්ල නොමැතිකම වෙනුවෙන් පශ්චාත්තාප ක්‍රියා කරන්න
✅ මරියතුමියගේ නිර්මල හෘදයට ගෞරව කරන්න
✅ කතෝලික සභාවට සහය වන්න
✅ අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන්ගේ භක්තිය අභ්‍යාසය ප්‍රචලිත කරන්න
+ රෝස කුසුම් දේවමාතාවන්ගේ රූපය ප්‍රදර්ශනය කර ගරු කරන්න
+ සුවය සහ කරුණාව සඳහා කණ්ඩායමක් ලෙස එකමුතුවීම් දිරිමත් කරන්න
වැඩි විස්තර සඳහා +94777235643 ට WhatsApp කරන්න
අභිරහස්‍යමය රෝස කුසුම ප්‍රාතිහාර්යන් | Miraculous Rosa Mystica | එම ස්ථානයේ වර්ථමාන වීඩියෝ දර්ශන සහිතව | By Faith ඇදහිල්ලෙන් - YouTube
රෝස කුසුම මෑණියන්ගේ රත්තරන් තෑගි - Golden Gifts of Rosa Mystica | By Faith ඇදහිල්ලෙන් - YouTube
හාස්කම් පිරුණු රෝස කුසුම දේව මෑනියන්ගේ පල්ලිය | Rosa Mystica Fontanelle Brescia by Travel With Alponsu - YouTube
හාස්කම් බහුල අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන්ට විශේෂ යාච්ඤාව - Special Prayer for Powerful Rosa Mystica | By Faith ඇදහිල්ලෙන් - YouTube
අභිරහස්‍යමය රෝස කුසුම් මෑණියන්ට යාච්ඤාව | THE MIRACLE PRAYER OF ROSA MYSTICA - YouTube
අභිරහස්‍යමය රෝස කුසුම දේවමාතාවන් වහන්සේට විශේෂ ප්‍රාර්ථනාව - YouTube
භක්තියෙන් ඉල්ලන්න, රෝස කුසුම මෑණියන් ඔබගේ ඉල්ලීම උදෙසා මැදිහත් වෙනු ඇත...
මෙම යාච්ඤාව අතරතුර ඇති සෑම නමෝ මරියනී යාච්ඤාවකටම කලින් ඔබගේ ඉල්ලීම් සිහි කරන්න.
අභිරහස්‍යමය රෝස කුසුමෙනී, නිර්මල හෘදයේ කන්‍යාවෙනී, වරප්‍රසාදයේ මාතාවෙනී, අපි ඔබගේ දිව්‍ය පුත්‍රයාණන්ට ගෞරවයෙන් යුතුව දෙවි මහෝත්තමයාණන්ගේ කරුණාව පතා ඔබ පාමුල වැඳ වැටී සිටිමු. අපගේ කිසිම සුදුසුකමක් ගැන විශ්වාසය නොතබා ඔබගේ මාතෘක හෘදයේ කරුණා භාවය ගැන සලකමින් ඔබේ පිහිට හා වරප්‍රසාද පමණක් අයදින අපගේ හදිසි ඉල්ලීම් ලබා දෙනු ඇතැයි තරයේ විශ්වාස කරමු.
මේ මොහොතේදී ඔබගේ ඉල්ලීම් අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන් පාමුල තබා අයැදින්න.
නමෝ මරියනී...
අභිරහස්‍යමය රෝස කුසුමෙනී, ජේසු තුමාගේ මාතාවෙනී, ශුද්ධවූ ජපමාල රාජේශ්වරිය හා ශුද්ධවූ සභාවේ පරමාදර්ශක මාතාවෙනී, එකමුතුකමේ හා සාමයේ දීමනා මහත් ඕනෑකමින් අප දුක් භරිත ලෝකයට ලබා දෙන මෙන් අප ඉල්ලන අතර එම වරප්‍රසාද ඔබගේ පාපිෂ්ඨ දරුවන්ගේ ආත්ම ගැලවීම උදෙසාම යෙදුව මැනව.
මේ මොහොතේදී ඔබගේ ඉල්ලීම් අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන් පාමුල තබා අයැදින්න.
නමෝ මරියනී...
අභිරහස්‍යමය රෝස කුසුමෙනී, අපෝස්තුළුවරයින්ගේ රාජේශ්වරියනී පූජාත්වරය හා පැවදි ජීවිත වලට කැඳවන ක්‍රිස්තු තුමන්ගේ හඬ ශබ්දය තරුණ තරුණියන්ට ඇසෙන ලෙසට යාච්ඤා කර ඔවුන්ගේ පරිශුද්ධවත් ජීවිත වලින් හා ආත්මයන් ගලවා ගැනීමට දැල්වෙන ජ්වලිත කමින් පරිපූරණ කර ලෝකය පුරා ජේසු ක්‍රිස්තු තුමන්ගේ රාජ්‍යය පතුරුවාලීමට ඔවුන්ට සහය වුව මැනව. ඔබ තුමියගේ ස්වර්ගීය වරප්‍රසාද අප වෙත නිරතුරු ගලා බැස්මට සැලැස්සුව මැනව.
මේ මොහොතේදී ඔබගේ ඉල්ලීම් අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන් පාමුල තබා අයැදින්න.
නමෝ මරියනී...
උපුටා ගැනීම - අභිරහස්‍යමය රෝස කුසුම නුවානය පොතෙන්
අභිරහසයමය රෝස කුසුමේ දේව මාතාවෝ පොත සහ වෙනත් දෑ නොමිලේ බාගැනීමට පහත සබැඳිය වෙත පිවිසෙන්න
https://bit.ly/onlineMOGcenter
#RosaMystica #RosaKusumaManiyo #RosaKusumaDhewaAmma #Miracle #SinhalaRosaKusuma #sSinhalaRosaMystica #RosaMysticaSinhala #MotherMary #Miraculous #MiracleStories #SinhalaMiracle #PowerfulPrayer #SinhalaPrayer #Prayer
0 Comments