අදටත් නොදිරූ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමාගේ දිව සහ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් පිළිබඳ ලිපි, නුවාන පොත, ගීතිකා ඇල්බමය, සහ සිංහලට හඬකවන ලද චිත්‍රපටිය නොමිලේ ලබා ගැනීම සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න
- නුවාන පොත - Facebook | PDF (Google Drive)
- ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා 2002 ( සිංහලට හඬකවන ලද චිත්‍රපටිය ) - Ok.ru
- ගීතිකා ඇල්බමය - Google Drive
- ලිපි
නොමිලේ ආගමික පොත්පත්, ගීතිකා, චිත්‍රපට සඳහා පහත සබැඳිය එක වෙත පිවිසෙන්න.
https://bit.ly/onlineMOGcenter
ඔබටත් දායක විය හැකි දයාවේ සේවාවන් කිහිපයක් පහත සඳහන් ය.
https://bit.ly/CharityProjects
ශුද්ධ වූ සභාව තුළ දේව මාතාවන්ට පමණක් දෙවැනි වන විරුදාවලි සංඛ්‍යාවක් හිමි පාදුවා හි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් හඳුන්වනු ලබන්නා වූ විරුදාවලි අතුරින් කිහිපයක් මෙසේය...
* ලිස්බනයේ සාන්ත අන්තෝනි මුනිතුමා
* ප්‍රාතිහාර්යයේ මුනිතුමා
* නැතිවූ දේවල් සොයා දෙන්නා
* දිළිඳුන්ගේ ආරක්ෂකයා
* කතෝලික සසුනේ වෛද්‍යවරයා
* සතුන්ගේ රැකවල් කරුවා
* වේද භේදකාරයන් තලන මිටිය
* නාවිකයන්ගේ සාන්තුවරයා
* දරුවන්ගේ සාන්තුවරයා
* ගර්භණී මාතාවන්ගේ සාන්තුවරයා
* දිව්‍ය සත්ප්‍රසාද භක්තියේ මුනිවරයා
* පීඩිතයන්ගේ රැකවලා
* බයිබලයේ මිණි කැටය
* මන්ද පෝෂිතයන්ගේ රැකවලා
* ධීවරයන්ගේ ආරක්ෂකයා
පාදුවා වේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.
මෙම ශුද්ධ වූ දිව අදටත් ඉතාලියේ පාදුවා නුවර ගියහොත් දැකගන්න පුළුවන්. මෙම දිවට යම් දෙයකින් සිදුරු කළහොත් අදටත් ලේ එනවා. මුළු ඉතාලියම මිත්‍යා ආගම් පුජා දෙන දේවාල වලට වැදනමස්කාර කරමින් සිටි ජනතාවට ජේසු ගැන කියා ඔවුන් කතෝලික ආගමට ගත්තේ මෙතුමා. එනිසා අදටත් මෙතුමාගේ දිව ජීවමානව තියෙනවා.
ලිපිය 1
ශුද්ධවු අන්තොනි මුනිතුමා .....
කතෝලික සැදැහැවතුන් අතර පමණක් නොව අන්‍යාගමිකයන් අතරද ඉතාමත් ජනප්‍රිය ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා, වර්ෂ 1195 අගෝස්තු 15 වැනිදා එනම්, දේවමාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය දිනයේ දී පෘතුගාලයේ ලිස්බන් නුවර ඉතා ධනවත්, වංශවත් දොන් විසෙන්ති මාටින්ස් ඩි බුල්හෝම් සහ දෝන තෙරේසා පායිස් ටැවෙයිරා යුවළගේ කුළුඳුල් පුත් කුමරා ලෙසිනුයි මෙලොව එළිය දකින්නේ. උපතින් දින අටකට පසු ෆර්ඩිනන්ඩ් මාටින්ස් ඩි බුල්හෝම් යන නමිනුයි එතුමන් බෞතීස්ම ලබන්නේ. ඒ නිවස අසල පිහිටි ලිස්බන්හි ශාන්ත මරියා ආසන දෙව් මැදුරේ දී යි.
කුඩා කල පටන්ම දේවමාතාවන් කෙරෙහි ඉමහත් බැතියෙන්, නිරන්තර යැදුමෙන් දේවාදරයට තුරුළු වූ එතුමන් වයස අවුරුදු පහළොවේදී අගුස්තීනු තාපසාරාමයට ඇතුළු වී, පුරා අට වසරක් යැදුමෙන්, ධ්‍යානයෙන් පමණක් නොව මැනවින් දේවධර්මය සහ ලතින් භාෂාව ප්‍රගුණ කර වර්ෂ 1220දී පූජකවරය ලබනවා.
පූජකවරයෙන් පසු එතුමන්ට එම තාපසාරාමයේ ආගන්තුකයන් පිළිගැනීමේ සහ සත්කාර කිරීමේ වගකීම පැවරෙනවා. එහිදී එක්තරා අවස්ථාවකදී මොරොක්කෝවේ ධර්මදූත සේවය සඳහා යමින් සිටි පීටර්, බර්නාඩ්, අකුරසියෙන්, අජුස්ට්‍රස් හා ඔඩෝ යන ෆ්‍රැන්සිස්කන් නිකායික ධර්මදූතයන් පස් නම ගරු ෆර්ඩිනන්ඩ් පියතුමා ට මුණගැහෙනවා. ඔවුන්ගේ දිළිඳු සහ චාම් දිවි පැවැත්මත් හා සරල දහම් මඟ ගත් ජීවන රටාව කෙරෙහිත් එතුමන් පැහැදුනත් ෆ්‍රැන්සිස්කන් නිකායට ඇතුළත් වීමට සිත යොමු වන්නේ මොරොක්කෝවේ දහම් දෙසන්නට ගිය මේ ධර්මදූතයන් පස් නම දස වද දී ඝාතනය කිරීමත් සමගයි.
සභා ශ්‍රේෂ්ඨයන්ගේ අවසරය ලබා ගන්නා ෆර්ඩිනන්ඩ් බුල්හෝම් පියතුමා ෆ්‍රැන්සිස්කානු නිකායට එක්වන්නේ "අන්තෝනි" නාමය වැළඳගනිමින්. ඉන් ඇරඹෙන ෆ්‍රැන්සිස්කාන ධර්මදූත දිවි ගමනේ දී දේශනාවාදී පියතුමකු හා කථිකාචාර්යවරයකු ලෙස එතුමා කටයුතු කරන අතර ස්වාමීන් වහන්සේගේ මහා වරප්‍රසාද ලබාගනිමින් ප්‍රාතිහාර්යයන් සිදු කරනු ලබන්නේ අබ්බා පියාණන්ගේ මහා කරුණාව සතහට එළිදරව් කරනු පිණිස ම ය. වයස අවුරුදු 36ක් වැනි කෙටි කලකින් කෙටි කලක් තුළ තම දිවියෙන් සත්‍යයට, ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන එතුමා වර්ෂ 1231 ජුනි 13 වැනිදා සග සුව දිනා ගනු ලබනවා.
මුලින්ම එතුමන්ගේ මරණය රහසක් ලෙස තබා ගැනීමට ෆ්‍රැන්සිස්කාන තාපසවරුන් වෑයම් කර සිරුර සාන්ත මරියා දෙව් මැදුර කරා රැගෙන යන විට දේවස්ථානවල සීනු ඉබේ නාද වූ බව සඳහන් වන්නේ, තවද ගරු අන්තෝනි පියතුමා ස්වර්ගස්ථ වී වසරක් ගත වීමට පෙර 1232 මැයි 30වැනිදා එනම් එම වසරේ පෙන්තකොස්ත දින ඉතාලියේ ස්පෙලෙටෝ ආසන දෙව්මැදුරේදී අති උත්තම IX වැනි ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමන් විසින් එතුමාව සාන්තුවරයට ඔසවනු ලබන්නේ එතුමන්ගේ මැදහත්කමින් ප්‍රාතිහාර්යය නිරන්තරයෙන් සිදු වීම හේතුවෙනි. එදින ද ලිස්බන් නුවර දේවස්ථානවල සීනු ඉබේ නදදුන් බවට වාර්තා වී තිබෙනවා. එම අවස්ථාවට ශුද්ධවූ අන්තෝනි මුණිඳුන්ගේ පියාද මව හා සහෝදරියන් දෙදෙනා ද සහභාගී වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. වර්ෂ 1263දී පාදුවාහි බැසිලිකාවේ එතුමන්ගේ දේහය තැන්පත් කිරීමට එතුමන්ගේ දෙණ විවෘත කළ අවස්ථාවේ දී එතුමන් ගේ "දිව ධාතුව" නොදිරා පැවති බව දැකගන්නට ලැබෙනවා. නිරන්තරයෙන්ම දෙවිඳුන්ට ප්‍රශංසා කරමින් සත්‍යය කතා කිරීම නිසා ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන් දෙවිඳුන්ගෙන් මෙම විශේෂ වරප්‍රසාදය ලබාගත් බවයි ශුද්ධවූ බොනවෙන්චර් තුමා එම අසිරිමත් මොහොතේ දී ප්‍රකාශ කර තිබුණේ. අදත් ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ට කැපකළ දෙව්මැදුරු බැතිමත් ජනයාගෙන් පිරී ඉතිරී යන්නේ ඔවුන් නිරන්තරයෙන් එතුමන්ගෙන් ලබන මැදිහත්කම සහ සරණය නිසාවෙනි.
ජේසු පිහිටයි !!!
ලිපිය 2
පාදුවහි ශුද්ධ වු අන්තෝනි මුනිතුමා ( 1195 – 1231 )
පෘතුගාලයේ ලිස්බන් නගරයේ උසස් පවුලක උපත ලද “පර්ඩිනන් බුලියන්” එතුමාගේ ප්‍රථම නාමය විය. මොහු ඉතා ඥානවන්තවුද ලෞකික සැප සම්පතින් පිරිපුන් වුද කෙනෙක් විය. සියලු තාන්නමාන්න හා ලෞකික සැප සම්පත් අත් හැර ජේසු තුමන් පසු පස යාමට ඔහුගේ ජිවිතයට සුවිශේෂී බලපෑමක් ඇතිවිය. මන්ද දේව කැමැත්ත අනුව ඔහු පසු කාල වලදී විවිධ සේවාවන් සදහා විශේෂ කැදවීම ලැබ ගන්නට තිබු හෙයිනි. දේව සේවකයෙකු ලෙස තම දිවි ගමන ඇරබුවේ ඉතාමත් බාල වියේදිය.
පසු කලෙක ඔහු සියලු වස්තු හා බලය ත්‍යාජ කළේය. තවද අගුස්තිනු නිකායේ තාපසයෙකු වීමට දැඩි ආශාවක් ඇතිවිය. මෙසේ තාපස ජිවිතයට ඇතුළු වීමට දැඩි ආශාවෙන් සිටියදී ඔහු වාසය කල නගරය තුල ප්‍රැන්සිස්කානු ප්‍රථම ප්‍රාණපරිත්‍යාගීවරුන්ගේ ශරීරයන් පෙරහැරින් වැඩමවා යන විට ශුභාරංචිය පතල කිරීම සදහා ඔහුද දිවි පිදීමෙන් ජේසුස් ස්වාමින් වහන්සේට ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වීමට මහත් ආශාවෙන් දැවී ගියේය. එබැවින් නොබෝ කලකින් පර්ඩිනන් බුලියන් ප්‍රැන්සිස්කානු නිකායට ඇතුලත් විය. අද සියලු දෙනාම විසින් ආදර ගෞරව කරන නාමයක් වූ ” අන්තෝනි ” යන නාමය එහිදී එතුමාණන්ට දෙන ලද්දේය.
ඉතාලියට පෙරලා පැමිණි එතුමා දක්ෂ දේශනාවාදියෙකු වූ නමුත් තාපසාරාමයේ ඉතා බැහැපත් සාමාන්‍ය ජිවිතයක් ගත කළේය. බොහෝ වෙලා යාච්ඤාවේ සමවැදි සිටියේය. බයිබලය නිතර කියවමින්ද, තාපසාරාමයේ ගෘහස්ත කටයුතු වල නිහතමානිව යෙදෙමින්ද, ඉතා නිහඩ ජිවිතයක් ගත කළේය. දුප්පතුනට එතුමා ඉතා කරුණාවන්ත විය.
දිනක් දේවස්ථානයක පුජකවරය දානය කිරීමේ පිලිවෙතකදී දේශනාකිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවී සිටිවිට අන්තෝනි තුමාට හදිසියේ දේශනා කිරීමේ සේවයට විශේෂ කැදවීමක් ලැබුණි. බැහැපත් වුද කීකරු වුද එතුමා සැකයෙන් හා බියෙන් එම කැදවීම පිළිගත්තේය. කිසිම සුදානමකින් තොරවූ වූ මෙම අවස්ථාවේ එතුමා ඉතා දුබල දේශනයක් දෙනු ඇතැයි ඇතැම්හු කොදුලෝය. ශුද්ධාත්ම වරම කෙරෙහි ඉතා තදබල විශ්වාසයක් එතුමා තුල විය. ශුද්ධාත්මයාණෝ මිනිසාගේ දුබල වචන වලට කොතෙක් බලපාවිදැයි කියා එම ජනතාව නොදැන සිටියේය. අසා සිටින්නන් මවිතයටත් ප්‍රීතියටත් පත් කරමින් එතුමා ව්‍යක්ත දේශනයක් කලේය.
ඉතා බැහැපත්ව විනීතව හා හදපත්ලෙන්ම බයිබලය පහදා දීමට එතුමා ලබා ඇති හැකියාව දුටු ප්‍රැන්සිස් අසිසිතුමා මුළු දකුණු ප්‍රංශය හා උතුරු ඉතාලියේද සහෝදර තුමන්ලාට දේව ධර්ම ඉගැන්වීම අන්තෝනි තුමාට භාර කළේය. සිත් ඇද ගන්නා සුළු පෞරුෂත්වයද, මිහිරි වූ එහෙත් බලවත් වූ කටහඩක්ද එතුමා සතු විය. එබැවින් ඉතාම පහසුවෙන් එතුමාට තම දැනුම ඔවුන් අතර බෙදාගත හැකිවිය. තවද දේව වරමින් ප්‍රාතිහාර්යය කිරීමේ බලයක්ද, අනාවැකි පළකිරීමේ හා විවිධ භාෂා කතා කිරීමේ හැකියාවද නමැති විශේෂ බල එතුමා තුල විය. ජේසුස් වහන්සේ ගැන ඉතා ගෞරවයෙන් දේශනා කළ එතුමා දිනක් රාත්‍රියේ යාච්ඤා කරමින් සිටි විට ජේසුස් වහන්සේ කුඩා ළමයෙකු විලසින් පැමිණ පොතමත හිදගෙන එතුමා සිපගත් බව සදහන් වේ.
අන්තෝනි තුමා වයස 36 දී ස්වර්ගස්ථ විය. වසරක් පමණ නොබෝ කලකින් ” දුප්පතුන්ගේ සාන්තුවරයා ” යන විරුදාවලියෙන් ශුද්ධවන්තභාවයට ශුද්ධවූ සභා මාතාව විසින් එතුමා ඔසවනු ලැබුවාය. නැතිවූ දේ සොයාදීමට සහාය වන සාන්තුවරයා ලෙසද එතුමා අද ලොව පතල වී ඇත.
ශ්‍රී ලංකාවේ බැතිමතුන් අතරද විශේෂයෙන් අන්‍යගමිකයන් අතරද ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇති සාන්තුවරයා ශුද්ධවූ අන්තෝනි තුමා බව කීම නිවරදිය. එතුමා කෙරෙහි ඇති භක්තිය තුළින් දෙවියන් වහන්සේ වෙතට හැරී ආ ජනයාගේ ගණන ඉතා විශාලය.
එතුමාගේ මංගල්‍යය ජුනි 13 වන දින සිදු කෙරේ.
සැලකිය යුතු කරුණු :
- අදාල ( රතු / නිල් ) නම ඔබන විට එම නමට අදාල ගොනුව බාගත හැකිය.
- මෙහි ඇති බොහෝ තොරතුරු Google Drive වල සම්බන්ධ කළ හැකි ඇති හෙයින් ඔබට Gmail ගිණුමක් තිබිය යුතුය.
- යම් අපහසු තාවයක් ඔබට ඇත්නම් ( තාක්ෂණික සහය සඳහා ) හෝ ඔබටත් මෙම කර්තව්‍ය සඳහා සහයෝගයක් දැක්වීමට හැකි නම් Online MOG Center වෙත WhatsApp 0777235643 කෙටි පණිවිඩයක් එවන්න.
නවතම තොරතුරු සඳහා Whatsapp Channel - Living by Grace
Read more English Articles
විද්‍යුත් ලිපිනය: ssoj.italy@gmail.com
කාරුණික නිවේදනයි !
ශ්‍රී ලංකා කතෝලික සභාවේ ඉහළ නිලධාරීන් විසින් විවිධ අවස්ථාවල කළ බලපෑම් හේතුවෙන් ඉතාලි සිංහල කතෝලික සංඝය (SSOJ) විසින් මෙය දැන් පරිපාලනයවේ.
0 Comments