දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගේ ප්‍රාතිහාර්යන් 125+ ( සිංහල, දමිළ, ඉංග්‍රීසි බසින් )

විශ්වීය දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යන් 125+ ඇතුළත් වැදගත් ලිපියකි.

ඔබගේ මිතුරන් සමඟ පහත සබැඳිය බෙදා ගන්න.

තවත් කතෝලික පොත් කියවීම සදහා පිවිසෙන්න, Message of Glory Sri Lanka



නුසුදුසු ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන අයට සිදුවන දේ  ...

ඉතා අවාසනාවන්ත ලෙස අද බහුතරයක් කිතුනුවෝ හොඳ පාපොච්චාරණයක් නොකර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබති! මෙය නිකන්ම නිකන් පිටි දල්ලක් නොවෙයි !

එහෙයින් නුසුදුසු ලෙස සමිඳාණන් වහන්සේගේ මේ රොටි වළඳන, මේ කුසලානෙන් පානය කරන කවරෙක් වුව ද, එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් සමිඳාණන් වහන්සේගේ ශරීරයට හා රුධිරයට විරුද්ධ ව පව් කිරීමේ වරදකරුවෙක් වන්නේ ය. එබැවින් මේ රොටි වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය. සමිඳාණන් වහන්සේගේ ශරීරය යන්නෙහි තේරුම නොවිමසා, රොටි වළඳන, කුසලානෙන් පානය කරන තැනැත්තේ එසේ වැළඳීමෙන් හා පානය කිරීමෙන් තමා ම වරදකරුවෙක් කරගන්නේ ය. මේ නිසා ඔබ අතර බොහෝ දෙනෙක් දුබල ව, රෝගී ව සිටිති. සමහර දෙනෙක් මරණයට ගොදුරු වී සිටිති. එහෙත් අපි අප ම සෝදිසි කර ගනිමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත. ( 1 කොරින්ති 11:27-31 )

ජූලියා කිම් ගේ දිව මත සිදුවූ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් ඇතුලත් වීඩියෝවන් ...

Sacred Host turned Flesh and Blood (Julia Kim part 3 of 7)

Julia Kim Eucharistic Miracle - Lanciano, Italy

Julia Kim Miracolo Eucaristico in Vaticano 2010 2 28

1995 වර්ෂයේ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේට ජූලියා කිම් ගේ දිව මත සිදුවූ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්ය දැක ගෙන්වීමට ලැබූනු දුර්ලභ වීඩියෝව 





රටේ පවතින කොරෝනා වාතාවරණය අනුව හොඳ පාපොච්චාරණයක් කර ආත්මික ආකාරයෙන් ජේසුව ලබාගත හැකි අයුරු ...

ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පියතුමන් පවසන පරිදි කතෝලික සභාවේ ධර්මෝපදේශය අනුව පාපොච්චාරණයට පියතුමෙක් නැති විට දෙවියන්වහන්සේට අවංකව හොඳ පාපොච්චාරණයක් කරන්න නැවත පියතුමෙක් හම්බෙන තුරු. ඇත්ත කියන්න. මුලු හදවතින්ම සමාව ඉල්ලන්න. ඔබ‍ට දෙවිඳුන්ගේ සමාව හම්බේවි. දෙවිඳුන්ගේ වරප්‍රසාද ඔබ‍ට එවිට ලැබේවී.'

මෙම වීඩියෝව සිංහලට පරිවර්තනය කරන ලදී  : 


අනිවාර්යයෙන් අහන්න. ඉතා වැදගත් !




1380 වර්ෂයේ දී ජේසු සමිදාණන් තම ප්‍රිය දියණිය වූ සියෙනා වේ ශුද්ධ වූ කැතරින් මුනිවරියට විශේෂ අනාවරණයක් මගින් සක්‍රමේන්තුමය ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම හා ආත්මික ලෙස සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ඇති ආනුභාසම්පන්න බව පෙන්වා දුනි. අවසානයේ ජේසු ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේට මේ ක්‍රම දෙකම ප්‍රසන්න බවය. සක්‍රමේන්තුමය ලෙස මෙන්ම ආත්මික ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම අප ජීවිත වලට ඉමහත් ලෙස වරප්‍රසාද ගෙන එයි.

ඒ හරහා උන්වහන්සේ අපිට පැහැදිලි කළේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ භෞතික වශයෙන් ලබා ගන්නා සේම දිව්‍ය පූජා යාගයට සහභාගි වීමට නොහැකි අවස්ථා වලදී උන්වහන්සේව ආත්මික ආකාරයෙන් ලබා ගැනීම වැදගත් බවයි.

ස්වර්ග රාජ්‍යයට යා හැකි පහසු මග ....

ඔබ දෙවිඳුන්ගේ ආදරය හා බලය කවදාවත් අත්දැක නොමැති නම් ඔබටත් මෙම ලිපිය​ කියව​න්න ආරාධනා !
ඉතාම වැදගත් ලිපියකි. ඔබට නිවාඩු වෙලාවකට සම්පූර්ණයෙන් කියවන්න.

ඔබට දිව්‍ය පූජාවකට යාමට නොහැකි ම නම් සජීවී දිව්‍ය පූජාවකට සහභාගිවී ආධ්‍යාත්මිකව ජේසුව ලැබිය හැක. දිව්‍ය පූජාවන් වලට සහභාගිවිය හැකි ලින්ක්

Kurusa Yagaya Youtube Channel 

Verbum TV 

Seth FM Radio Channel 103.1 

ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 11.30 සිට සජීවී දිව්‍ය පූජාවන් ඉංග්‍රීසි භාෂාවෙන් 100 කට වැඩි සංඛ්‍යාවක් තිබේ. 
ඔබට පහසු වෙලාවකට සහභාගි විය හැක. 

Church Services TV

Divine TV Youtube Channel 

ජේසුස් වහන්සේ ඔවුන් මෙසේ ඇමතූ සේක: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ මාංසය අනුභව නොකරන්නහු නම්, ඔහුගේ රුධිරය පානය නොකරන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. යමෙක් මාගේ මාංසය අනුභව කරන්නේ ද, මාගේ රුධිරය පානය කරන්නේ ද, ඔහුට සදාතන ජීවනය ඇත. තවද, මම ඔහු අන්තිම දවසේ දී උත්ථාන කරන්නෙමි. මන්ද, මාගේ මාංසය සැබෑ ආහාරය වේ; මාගේ රුධිරය සැබෑ පානය වේ. මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි. ජීවමාන පියාණන් වහන්සේ මා එවා වදාළ බැවින්, මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන ලෙස ම, මා අනුභව කරන තැනැත්තේ, මා නිසා ජීවත් වෙයි. මේ වනාහි ස්වර්ගයෙන් පහළ වූ ආහාරය වේ. එය අපේ පියවරුන් වැළඳූ ආහාර මෙන් නොවේ. ඒ ආහාරය වැළඳූ ඔව්හු මළහ. එහෙත්, මේ ආහාරය වළඳන තැනැත්තේ සදහට ම ජීවත් වන්නේ ය.”(ජොහන් 6:53‭-‬58 )

ඔබ කියවිය යුතු ඉතා වැදගත් පොත් කීපයක් පහත සඳහන් වේ.

ශුද්ධ වු දිව්‍ය පූජාවේ බල පරාක්‍රමය

විශ්වීය දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යන් 125+ (English, Sinhala, Tamil)

දිව්‍ය පූජාවේ මහානුභාවය (කැටලිනාගේ සාක්ෂිය) 

විශ්ව කීර්තියට පත් වූ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්ය

අවුරුදු 15 ක් පමණක් මේ ලෝකයේ ජීවත් වී ලියුකේමියා රෝගයෙන් පීඩා විඳ 2006 වර්ෂය ස්වර්ගස්ථ වූ අසීසියේ කාර්ලො අකුතිස් තුමාගේ නොදිරන සිරුර 2020 ඔක්තෝම්බර් 1 නැවත විවෘත කළ අවස්ථාව නැරඹීමට පහත වීඩියෝ එක නරඹන්න. දැනට කාර්ලො අකුතිස් ගැන වැදගත් ලිපි මෙහි ඇතුලත් කර ඇත.




භාග්‍යවන්ත කාර්ලෝ විසින් පවසන ලද දේවල් දෙකක් ඔබගේ මතකයේ රදවමි ...

සෑම මොහොතකම ජේසුස් වහන්සේ ට සමීප ව සිටිම', එය මගේ ජිවිතයේ අරමුණ වේ. දෙවියන්වහන්සේව සතුටු නොකරන දේවල් කරමින් එකදු විනාඩියක්වත් නාස්ති නොකර මගේ ජීවිතය ගත කළ නිසා, මම මිය යාමට සතුටු වෙමි

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු ස්වර්ගයට ඇති මාගේ අධිවේගී මාර්ගයයි

කාර්ලෝ පුතා කල දේවල් කීපයක් ...

01. දිනපතා ශුද්ධ වු දිව්‍ය පූජාවට සහභාගි වීම.
02. දිනපතා ශුද්ධ වු ජපමාලය උච්චාරණය කිරීම.
03. දිනපතා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ යාච්ඥා කිරීම.
04. සතියකට වරක් පාපොච්චාරණය කිරීම.
05. ශුද්ධවන්තබවට පිපාසය.
06. ජේසු සමග කුරුස ගතවීම.
ලියුකේමියා රෝගය වැලදිලා, අවුරුදු ගානක් දුක් වින්දා. ඒ වේදනාව පාප් වහන්සේ, ශු. සභාව හා අසනීප වලින් වේදනාව විදින අය උදෙසා ඔප්පු කලා.

07. ඉතාම කුඩා වුවත්, දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්ය 130 ක් පමන සොයාගත්තා. ඒවා ලෝකයට රැගෙන ගියා නවීන තාක්ශනයෙන්. අසභ්‍ය දේ නරබන, අසභ්‍ය ඇබ්බැහවීම් වල ඉන්න යෞවනත්වයට කාර්ලෝ පුතා ශුද්ධවු ආදර්ශයකි.

08. කාර්ලෝ පුතාගේ අම්මා පවසන පරිදි පුතා දිනපතා පැය ගනන් යාච්ඥා කර ඇත.

වැඩි විස්තර කියවීමට පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.


ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසනු ලැබුවේ අප හැමදෙනාගේ පාපයේ දඬුවමින් අප ගළවා ගන්නටය.

කුරුසියයේ ජේසුගේ දකුණු පැත්තේ සොරා මෙන් ඔබටත් ස්වර්ග රාජ්‍යයට කෙදිනක හෝ පැමිණීමට පුළුවන්ය.

එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.
( ලූක් 23:39‭-‬43 )

ජේසුස් වහන්සේ, “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි. (මාක් 1:15)

ජේසු කියපු ලෙස ජීවත් වන්න උත්සාහ කරන්න. ඔබටත් ශුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න ආරාධනා! ස්තුතියි! ජේසු පිහිටයි!

සටහන - සෝරෝ
2020-06-06


සාරාංශය


නුසුදුසු ලෙස දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන අයට සිදුවන දේ  ...

දිව්‍ය පූජාවේ බලය හා දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යන් ඇතුළත් වැදගත් පොත්පත් (පූප සහ මිදි යුෂ ජේසුගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට හැරවුණු අවස්ථා 125 කට වැඩි පින්තූර සමඟ) ...

ස්වර්ග රාජ්‍යයට යා හැකි පහසු මග ...

ජූලියා කිම් ගේ දිව මත සිදුවූ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් ඇතුලත් වීඩියෝවන් හා
1995 වර්ෂයේ දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේට ජූලියා කිම් ගේ දිව මත සිදුවූ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්ය දැක ගෙන්වීමට ලැබූනු දුර්ලභ වීඩියෝව ....

රටේ පවතින කොරෝනා වාතාවරණය අනුව හොඳ පාපොච්චාරණයක් කර ආත්මික ආකාරයෙන් ජේසුව ලබාගත හැකි අයුරු ...

ඔබට දිව්‍ය පූජාවකට යාමට නොහැකි ම නම් සජීවී දිව්‍ය පූජාවකට සහභාගිවී ආධ්‍යාත්මිකව ජේසුව ලැබිය හැකි ලින්ක් ...

අවුරුදු 15 ක් පමණක් මේ ලෝකයේ ජීවත් වී ලියුකේමියා රෝගයෙන් පීඩා විඳ 2006 වර්ෂය ස්වර්ගස්ථ වූ අසීසියේ කාර්ලො අකුතිස් තුමාගේ නොදිරන සිරුර 2020 ඔක්තෝම්බර් 1 නැවත විවෘත කළ අවස්ථාව නැරඹීමට හා කාර්ලො අකුතිස් ගේ ජීවිත කතාව ගැන වැදගත් ලිපි වීඩියෝවේ ඇතුලත් කර ඇත...

පහත ලින්ක් එක වෙත පිවිසෙන්න.

භාග්‍යවන්ත කාර්ලෝ විසින් පවසන ලද දේවල් දෙකක් ඔබගේ මතකයේ රදවමි.

'සෑම මොහොතකම ජේසුස් වහන්සේ ට සමීප ව සිටිම', එය මගේ ජිවිතයේ අරමුණ වේ. දෙවියන්වහන්සේව සතුටු නොකරන දේවල් කරමින් එකදු විනාඩියක්වත් නාස්ති නොකර මගේ ජීවිතය ගත කළ නිසා, මම මිය යාමට සතුටු වෙමි"

"දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ යනු ස්වර්ගයට ඇති මාගේ අධිවේගී මාර්ගයයි"

Whoever, therefore, eats the bread or drinks the cup of the Lord in an unworthy manner will be answerable for the body and blood of the Lord. Examine yourselves, and only then eat of the bread and drink of the cup. For all who eat and drink without discerning the body, eat and drink judgment against themselves. For this reason many of you are weak and ill, and some have died. But if we judged ourselves, we would not be judged. (1 Corinthians 11:27-31)


Short Version - WhatsApp Promotion Post

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගේ ප්‍රාතිහාර්යන් 125+ ( සිංහල, දමිළ, ඉංග්‍රීසි බසින් )


"කිතුනු ජීවිතයේ මූලාශ්‍රය සහ අග්‍රස්ථානය දිව්‍ය සත්ප්‍රසාද වහන්සේය."



අනෙකුත් වැදගත් ලිපි




දිව්‍ය සත්ප්‍රසාදය නම් " කිතුනු ජීවිතයේ ප්‍රභවය හා මස්තකය යි. අනෙක් ප්‍රසාද නිධාන ද ඇත්ත වශයෙන් සියලු ශාසනික සේවාවන් හා අපෝස්තලික කාර්යයන් ද, දිව්‍ය සත්ප්‍රසාදය සමඟ එකට බැඳී ඇති අතර, එය වෙනම ඒවා යොමු වී ඇත. සභාවේ මුළු ආධ්‍යාත්මික යහපත එනම්, අපගේ පාස්කුව වන ක්‍රිස්තුන් වහන්සේ ම ගැබ්වී ඇත්තේ, දිව්‍ය ස්තප්‍රසාදය තුළ ය.''

( කතෝලික සභා ධර්මෝපදේශය පොත, 1324 )




Post a Comment

0 Comments

දේව දයාවේ මංගල්‍යය ( අප්‍රේල් 7, 2024 )