දේව දයාව පිළිබඳ පොත්පත් සහ දේව දයාවේ චිත්‍රපටය (සිංහල බසින් )
https://bit.ly/DivineMercySunday1
- මෙම චිත්‍රපටය විශේෂයෙන්ම විකාශය කිරීමට හේතුව වනුයේ දේව දයාව පිළිබඳ මිනිසුන් දැනුවත් කිරීමටයි ...
- දේව දයාව මිනිස් හදවත් තුළට තව තවත් සමීප කරවීමටයි ...
- දේව දයාවේ බලසම්පන්න බව මිනිස් හදවතට දැන්වීමටයි ...
- මෙම යාච්ඤාවන් පිළිබඳ වටිනාකම ලෝකයේ නොදන්නා අයට දැන ගැනීමටයි ...
- මෙම බලගතු යාච්ඤාවන් දිනපතා මෙනෙහි කරමින් සිත් වෙනස් කරගැනීමටයි ...
- මෙම චිත්‍රපටය විකාශය කරනුයේ දින කිහිපයක් පමණි ...
- මෙය නරඹා දේව දයාව පිලිබද ඔබ සියල්ලන්ගෙ ඇදහිල්ල තව තවත් වැඩි වන බව විශ්වාසය ...
- දේව දයාව සම්බන්ධව ඔබට තව තවත් අධ්‍යයනය කිරිමට අවැසි නම් පහත ගොනුව වෙත පිවිසෙන්න
- දේව දයාවේ බැතිය පොඩි පොත - ගියොම් නෝනිස් පියතුමා
- දෙවි පියාණන් වහන්සෙගේ අසීමිත ආදරය - දේව දයාව - ගියොම් නෝනිස් පියතුමා
- දේව දයාවෙි උතුම් පැය සහ දේව දයාවේ පාදනමස්කාරය පොත
- දේව දයාවේ දිනපොත - වෛද්‍ය ශිරෝමී මහත්මියයි
- Diary of Saint Faustina - English PDF
- දේව දයාවේ චිත්‍රපටය (සිංහල බසින් ) - ok.ru | Youtube 1080P (New)
- Love and Mercy 2019 ( ඉංග්‍රීසි බසින් ) - Daily Motion 480P | Google Drive (SD & HD Quality) | Ok.ru
- දේව දයාවේ බැතිය ලොවට හදුන්වා දුන් සුදුවරිය. සාන්ත ෆවුස්තීනා තුමියගේ කතාව (Verbum TV) - Youtube
මාගේ දියණිය, අචින්ත්‍ය වූ දයාව ගැන මුළු ලෝකෙටම කියන්න. දයාවේ මංගල්‍යය සියලු ආත්මයන්ට සරණයක් හා රැකවරණයක් වනු මාගේ ආශාවය. මෙය විශේෂයෙන් අසරණ පව්කරුවන්ටය. මාගේ දයාවේ උපත වෙත ළං වන ආත්මන් වෙත වරප්‍රසාදයෙන් මුළු සාගරයක්ම මම වගුරු වාලමි. පාපොච්චාරණයට ගොස් දිව්‍ය සත්ප්‍රසාදය ලබන ආත්මය සම්පූර්ණ සමාව හා දඬුවම්න් මිදීම අත්කර ගනී. එම දින වරප්‍රසාද ගලා යන සියළුම ස්වර්ග ජල දොරටු විවෘත වනු ඇත. තම පාපයන් රක්‌ත වර්ණ වුවත් මා ලඟට පැමිණීමට කිසිදු ආත්මයක් බිය නොවේවා. මාගේ දයාව කොතරම් විශාලද කිවහොත් මිනිසෙකුගේ හෝ සුරදූතයෙකුගේ හෝ වූවත් සිතට එය මුළු සදාතන පුරා ප්‍රමාණවත් කර ගත හැක.
( ශුද්ධ වූ පවුස්තිනා තුමියගේ දිනපොත, 699 )
දයාවේ මංගල්‍යයට පෙර පැවැත්වීම පිණිස ලියා ගැනීමට ජේසු තුමා මට උපදෙස් දුන් නුවානය. එය මහ සිකුරාදා ආරම්භ වේ. "මෙම නුවාන දිනය තුළ මාගේ දයාවේ උල්පතට නුඹ ගෙන ඒවි යනු මාගේ ආශාවය. ඒ, ඔවුන් එයින් ශක්තිය හා සහනයේ ජීවිතයේ දුෂ්කරතාව වලදී ඔවුන්ට අවශ්‍ය, විශේෂයෙන් මරණ පැයේ දී, වරප්‍රසාද ඇද ගනු පිණිසය."
"එකින් එක දින නුඹ ආත්මයන්ගේ විවිධ කණ්ඩායමක් මාගේ හදවත වෙත ගෙනෙන්න. නුඹ ඒවා මගේ දයාවේ මෙම සාගරයේ ගිල්වන්න. මම මෙම ආත්ම සියල්ල මාගේ පියාණන්ගේ නිවස තුළට ගෙන යමි. නුඹ මෙය මෙම ජීවිතයේ දී මෙන්ම අනිත් ජීවිතයේ දී ද කරන්නෙහිය. මාගේ දයාවේ උල්පත වෙත ගෙනෙන කිසිදු ආත්මයකට කිසිවක් ප්‍රතික්ෂේප නොකරමි. එකින් එක දින, මාගේ තිත්ත දුක්ප්‍රාප්ති ශක්තිය මත නුඹ මෙම ආත්මයන් වෙනුවෙන් වරප්‍රසාද මාගේ පියාණන්ගෙන් අයදින්නෙහිය."
( ශුද්ධ වූ පවුස්තිනා තුමියගේ දිනපොත, 1209 )
දේව දයාවේ නුවානය මහ සිකුරාදා දින සිට අරඹයි. සියලු තොරතුරු සිංහල බසින් මෙහි ඇත : Click Here
Divine Mercy Novena in English : Click Here
පෙර පැවති නුවාන දවස් අතපසු වූවා නම් ඉදිරි දිනවල එම යාච්ඤාව සවස 3ට කියා දයාවේ මල්දම එම ආත්මයන් වෙනුවෙන් ඔප්පු කරන්න.
ජේසුස් වහන්සේ, "දයාවේ මංගල්‍ය දින පාපොච්චාරණයට ගොස් දිව්‍ය සත්ප්‍රසාද ලබන ආත්මයන්ට පූර්ණ සමාවක් දීම මට ඕනෑ කෙරේ."
( ශුද්ධ වූ පවුස්තිනා තුමියගේ දිනපොත, 1109 )
වැඩි විස්තර සඳහා පහත ලිපිය වෙත පිවිසෙන්න : Click Here
කාර්මික දෝෂ සඳහා WhatsApp 0777235643

0 Comments