"මහිමයේ පණිවුඩ" වෙබ් අඩවිය

"මහිමයේ පණිවුඩ" වෙබ් අඩවිය


පහත​ ලින්ක් එක ඔබගේ මිතුරන් සමග බෙදාගන්න.

Short Link : https://bit.ly/MessagesOfGlory 

Official Website : https://messagesofgloryforsrilanka.blogspot.com/


ජේසු අපට අණ කලේ නොමිලේ ලද දේ නොමිලේ බෙදන්න කියලා. එය කෙලෙසක හෝ කර ගැනීමට දෙවිඳුන්ගේ මැදිහත්කම, මගපෙන්වීම හා වරප්‍රසාදය ලැබෙන මෙන් මෙම ව්‍යාපෘතිය උදෙසා යාච්ඥා කරන්න.

කතෝලික ජනතාවට වැදගත් චිත්‍රපට, ගීතිකා, පොත්පත් බොහෝ තිබුනත් ඒවා නොමිලේ ජනතාව අතරට පත් කිරීමට සුළු පිරිසක් අවසර දුන් අතර බොහෝ උදවිය අවසර ලබා නොදෙන ලදී. 

ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, "රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න. ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න. ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය." ( මතෙව් 10:8‭-‬10 )

ලෝකයාගේ හඬට සවන් නොදී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා වැඩක් අරඹන්නත්, කතෝලික සභාවේ නායකයින්ට කීකරු වෙමින්, දෙවියන් වහන්සේගේ කැඳවීමට අනුව කටයුතු කිරීමටත්, දේව සේවය කිරීමට ගොස් ලැබෙන විවේචන හා ප්‍රතික්ෂේප කිරීම් හමුවේ අධෛර්යයට පත් නොවී, සතුරන්ට සමාව දී සුහදව කතා කිරීමට හා උදව් කිරීමටත් අපගේ අධ්‍යාත්මික පියතුමන්ලා උපදෙස් දී තිබේ.

ජේසුට ප්‍රජා මූලිකයන්ගෙන් ද නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද ජනතාවගෙන් ද කොච්චර බාධා, අභියෝග පැමිණියත් ඒවාට ජේසු නොබියව මුහුණ දුන්නා, අවසානයේ බොහෝ දුක් වේදනා විඳ අන්තිමට මරනු ලැබුවා.  

අපටත් දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන සේවය කිරීමටත්, තුවාල නොබලා සටන් කිරීමටත් අවශ්‍ය ඇදහිල්ල, ශක්තිය, බලය හා මගපෙන්වීම ඉල්ලා අප වෙනුවෙන් යාච්ඥා කරන්න.

1. නවීන තාක්ෂණය සමග ජේසුගේ සුබ අස්න ලොව පතළ කිරීමට ඔබ කැමතිනම් අප වෙත දැනුවත් කරන්න. 

2. ඔබ විසින් නිෂ්පාදනය කර ඇති හෝ ඔබ ළඟ ඇති කතෝලික චිත්‍රපට, ගීතිකා, පොත්පත් කතෝලික ජනතාව අතර නොමිලේ බෙදා ගැනීමට කැමති නම් අප වෙත එවන්න. අවශ්‍ය නම් ඔබගේ පෞද්ගලික අනන්‍යතාවය සුරකිනු ඇත.

Post a Comment

0 Comments

දේව දයාවේ මංගල්‍යය ( අප්‍රේල් 7, 2024 )